කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල තෝලංගමුව ප්‍රදේශයේදී අද (01) අලුයම 3ට පමණ අධි සුඛෝපභෝගී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වෙළඳසැලක සහ විදුලි කණුවක ගැටී අනතුරකට ලක්ව තිබේ.
කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වූ මෙම වෑන් රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. අනතුරින් විදුලි කණුවකට සහ අසල තිබූ වෙළඳසැලකට දැඩි හානි සිදුව ඇති අතර වෑන් රථයට ද බරපතළ හානි සිදුව ඇත. මෙම අනතුරින් විශාල දේපල හානියක් සිදුව ඇති බව නිරීක්ෂණය වේ.
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු ද ඇතුළුව තිදෙනෙකු වෑන් රථය තුළ ගමන් කර ඇති නමුත් ඔවුන් කිසිවෙකුටත් තුවාල හෝ ජීවිත හානි සිදුව නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.














