ලෝක ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පෙරමුණ ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමත්ව ඇති අතර ඔවුන් ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 119කි. දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු 104ක් ලබාගෙන දෙවන ස්ථානයේ පසුවන අතර මීට පෙර සිව්වන ස්ථානයේ පසු වූ ඉන්දියාව ප්‍රසාද ලකුණු 104ක්ම ලබාගෙන තෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.
මීට පෙර තෙවන ස්ථානයේ පසුවූ එංගලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු 102ක් ලබාගනිමින් සිව්වන ස්ථානය දක්වා පසුබැස ඇති අතර නවසීලන්තය සහ පාකිස්තානය පිළිවෙළින් පස්වන සහ හයවන ස්ථානවල පසුවෙයි. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 86ක් සමඟින් 07 වන ස්ථානය දක්වා පසුබැස ඇති බව නවතම වාර්තා පෙන්වා දෙයි.
ශ්‍රේණිගත කිරීම්හි අවසන් ස්ථාන සලකා බැලීමේදී බංග්ලාදේශය, අයර්ලන්තය, සිම්බාබ්වේ සහ ඇෆ්ගනිස්ථානය යන කණ්ඩායම් පිළිවෙළින් 08 සිට 12 දක්වා වූ ස්ථානවල පසුවෙයි.














