අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ වත්මන් රජය විදේශ ප්‍රතිපත්තිය තුළ ඉතා සමබර සහ විවෘත ප්‍රවේශයක් අනුගමනය කරන බවයි. ඒ අනුව ඇමරිකාව, චීනය හෝ ඉන්දියාව ඇතුළු ඕනෑම රටක් සමඟ මෛත්‍රීපූර්වක සහ සහයෝගීතා සබඳතා පවත්වා ගැනීමට රජය සූදානම් බව ඔහු අවධාරණය කරයි.
මීට අමතරව, ශ්‍රී ලංකාව සහ වතිකානුව අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, ශුද්ධෝත්තම පාප් වහන්සේගේ ශ්‍රී ලංකා සංචාරයක් ලබන වසරේදී බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.














