කිලිනොච්චිය ඩිපෝ හංදිය අසල පැවති මැයි දින රැලිය අතරතුර ප්ලාස්ටික් පිස්තෝලයක් ළඟ තබාගෙන සිටි 25 හැවිරිදි තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැයි මස 01 වන දින සිදුවූ මෙම සිද්ධියෙන් පසු සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කිලිනොච්චිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ එම පිස්තෝලය ප්ලාස්ටික්වලින් නිපදවන ලද අනුරුවක් බවත්, එයින් වෙඩි තැබීම් සිදුකළ නොහැකි බවත්ය. කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.














