කැලිෆෝනියා ප්‍රාන්තයේ මාර්ගවල ගමන් ගන්නා රියැදුරන් නොමැති ස්වයංක්‍රීය වාහන (Driverless cars) මඟින් රථවාහන නීති උල්ලංඝනය කිරීම් සිදුකරන අවස්ථාවලදී, අදාළ සමාගම්වලට දඩ නිකුත් කිරීමට එරෙහිව ප්‍රාන්ත මෝටර් රථ දෙපාර්තමේන්තුව (DMV) නව රෙගුලාසි හඳුන්වා දී තිබේ.
මෙම නව නීති යටතේ ස්වයංක්‍රීය රථවාහන විසින් රථවාහන නීති උල්ලංඝනය කරනු ලබන අවස්ථාවලදී, පොලිස් නිලධාරීන්ට “AV අනුකූල නොවීම” (Notice of AV noncompliance) නමින් කෙලින්ම වාහන නිෂ්පාදක සමාගමට දඩ පත්‍රිකා නිකුත් කිරීමේ හැකියාව පවතී. මෙම නීති රීති 2026 ජූලි 1 වන දින සිට බලාත්මක වීමට නියමිතය.
එමෙන්ම හදිසි අවස්ථා ක්‍රියාත්මක වන කලාපවලට මෙම ස්වයංක්‍රීය වාහන ඇතුළුවීම වැළැක්වීමටත්, පොලිස් ඇමතුම්වලට තත්පර 30ක් ඇතුළත ප්‍රතිචාර දැක්වීමටත් සමාගම් බැඳී සිටී. Waymo වැනි සමාගම් මඟින් මෙහෙයවනු ලබන මෙම රථවාහන අරබයා මහජන ආරක්ෂාව තහවුරු කිරීම මෙම පියවරේ ප්‍රධාන අරමුණයි.














