පාරිභෝගික ජනතාව ගසාකමින්, ගැසට් මගින් ප්‍රකාශයට පත්කර ඇති උපරිම සිල්ලර මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරමින් මහජනයා පීඩාවට පත් කරන කූට වෙළෙඳුන් කොටු කර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මේ දිනවල අඛණ්ඩව දිවයින පුරා දැඩි වැටලීම් ක්‍රියාත්මක කරමින් සිටිනවා.
මේ අතරතුර ඊයේ (02) දින පිළියන්දල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් විසින් විශේෂ වැටලීම් කිහිපයක්ම සිදු කළා. එහිදී කැස්බෑව බෝකුන්දර ආර්ථික මධ්‍යස්ථානයේ (Bokundara Economic Centre) උපරිම සිල්ලර මිල සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරමින්, කීරි සම්බා සහල් කිලෝවක් රුපියල් 360 ක අධික මිලකට අලෙවි කළ වෙළෙඳ ආයතනයක් නීතියේ රැහැනට කොටු කර ගැනීමට පාරිභෝගික අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
එවැනි පාරිභෝගිකයා අසාධාරණ ලෙස සූරාකන වෙළෙඳුන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් පවතින බැවින්, අසාධාරණ මිල ගණන් වලට අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවි කරන වෙළෙන්ඳන් පිළිබඳව ජනතාව දැනුවත් විය යුතු අතර ඔබේ සාක්කුව හිස් කරන එවැනි ජාවාරම්කරුවන් පිළිබඳව පාරිභෝගික අධිකාරිය දැනුවත් කිරීමේ වැදගත්කම මෙමගින් අවධාරණය කෙරෙනවා.














