ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියත් සමඟ පාරිභෝගිකයින්ට සහ සේවකයින්ට ලබාදිය යුතු වන්දි මුදල් මෙන්ම ඉදිරියේදී සිදුවිය හැකි බිල්පත් සංශෝධන පිළිබඳව ගැටලු රාශියක් මතු වී තිබේ. මේ සම්බන්ධයෙන් විමසීමට හෝ පැමිණිලි කිරීමට නිසි ආයතනයක් හෝ වගකිව යුතු නිලධාරියෙකු නොමැති වීම මහජනතාව දැඩි අපහසුතාවයට පත් කිරීමට හේතු වී ඇත.ප්‍රතිව්‍යුහගතකරණය යටතේ ලංකා විදුලි බල මණ්ඩලය සමාගම් කිහිපයකට වෙන් කිරීමෙන් පසු, මීට පෙර පැවති වන්දි ගෙවීම් සහ සහන ක්‍රමවේද අඩාල වී ඇති බවට චෝදනා එල්ල වේ. විශේෂයෙන්ම සේවකයන්ට ලබාදිය යුතු හිඟ දීමනා සහ වන්දි මුදල් මාස කිහිපයකින් ලැබී නොමැති අතර ඒ පිළිබඳව විමසීමට ගිය විට බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාරයක් නොලැබෙන බව වාර්තා වේ.
විදුලි බිල ඉහළ ගියහොත් හෝ සේවාවන්හි දෝෂයක් මතු වූ විට ඒ පිළිබඳව දැනුම් දීමට තිබූ පැරණි ක්‍රමවේද අක්‍රිය වී ඇති බව පාරිභෝගිකයෝ පවසති. නව සමාගම් ව්‍යුහය තුළ වගකීම් දරන පාර්ශ්වයන් පිළිබඳව පැහැදිලි තොරතුරු මහජනයා වෙත ලබා නොදීම නිසා “මණ්ඩලයෙන් නැහැ, වන්දිත් නැහැ, කියන්න කෙනෙකුත් නැහැ” යන තත්ත්වයක් උදා වී ඇති බව පෙනේ.
වසර ගණනාවක් සේවය කළ සේවකයින්ට පවා තමන්ට ලැබිය යුතු වරප්‍රසාද සහ දීමනා අහිමි වී යාමේ අවදානමක් පවතින බව සේවක සංගම් පෙන්වා දෙයි. ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් ක්‍රියාත්මක වීමේදී මානුෂීය සහ පරිපාලනමය ගැටලු විසඳීමට රජය අපොහොසත් වී ඇති බවට ඔවුහු චෝදනා කරති.














