ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු මාලදිවයින් ජනපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා සහ අමාත්‍ය විජිත හේරත් මහතා අතර විශේෂ හමුවක් අද (04) පෙරවරුවේ පැවැත්විණි.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම මෙන්ම දෙරට අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී දෙපාර්ශ්වය අතර සුබවාදී අදහස් හුවමාරු කරගත් බව වාර්තා වේ.














