දිට්වා සුළි කුණාටුව හේතුවෙන් අවතැන් වූ මහියංගණය ප්‍රදේශයේ පවුල් 11 ක් වෙනුවෙන් නව නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියක් පසුගියදා ආරම්භ විය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතියේ මුල්ගල් තැබීම සිදු කෙරිණි. අදියර කිහිපයකින් සමන්විත මෙම ව්‍යාපෘතියේ පළමු අදියර මෙලෙස ආරම්භ කර ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ එක් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 50 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කර තිබේ. එහි පළමු අදියර යටතේ අදාළ ප්‍රතිලාභී පවුල් වෙත රුපියල් ලක්ෂ 20 බැගින් වූ චෙක්පත් ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් මෙදින සිදු විය.














