විවිධ හේතු මත වසර ගණනාවක් පුරා අතරමග නතර වී තිබූ ත්‍රිකුණාමලය මැක්හේෂියර් (McHeyzer) ක්‍රීඩාංගණයේ නවීකරණ සහ ඉදිකිරීම් කටයුතු යළි ආරම්භ කර තිබේ. නැගෙනහිර පළාතේ ක්‍රීඩා ක්ෂේත්‍රය නැංවීම සඳහා මූලිකත්වය ගෙන ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රීඩාංගණයේ මූලික පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය.
ප්‍රදේශයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහ මහජනතාවගේ දැඩි ඉල්ලීමක් වූ මෙම ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීම හරහා දිස්ත්‍රික් මට්ටමේ පමණක් නොව ජාතික මට්ටමේ ක්‍රීඩා තරඟ ද ත්‍රිකුණාමලය නගරය තුළ පැවැත්වීමට අවස්ථාව හිමිවනු ඇත. විශේෂයෙන්ම මලල ක්‍රීඩා ධාවන පථය, ප්‍රේක්ෂක ගැලරිය සහ අනෙකුත් යටිතල පහසුකම් කඩිනමින් නිම කිරීමට බලධාරීන් සැලසුම් කර ඇත.
ඉදිකිරීම් කටයුතු විධිමත් ලෙස අධීක්ෂණය කරමින් නියමිත කාලසීමාව තුළ වැඩ අවසන් කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලැබී ඇති අතර, මෙය නැගෙනහිර පළාතේ ක්‍රීඩා යටිතල පහසුකම් නගා සිටුවීමේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.














