2026 වසර සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන මහජන උපදේශනය හෙට (06) පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) නිවේදනය කර තිබේ.
ඒ අනුව මහජනයාගෙන් වාචික අදහස් සහ යෝජනා භාර ගැනීම හෙට උදෑසන 8:30 සිට පස්වරු 3:00 දක්වා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) සිදුකෙරේ.
මෙම උපදේශන ක්‍රියාවලිය 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා පනත සහ සංශෝධිත 2024 අංක 36 දරන විදුලිබල පනතේ විධිවිධානවලට අනුකූලව ක්‍රියාත්මක වේ.
මෙම වසරේ දෙවන හා තෙවන කාර්තු සඳහා වන යෝජිත ගාස්තු සංශෝධනය ජාතික පද්ධති ක්‍රියාකරු (පෞද්ගලික) සමාගම විසින් කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.














