2026 වසර සඳහා යෝජිත අති විශේෂ විදුලිය ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීම හෙට (06) කොළඹදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව නිවේදනය කරයි.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) පෙරවරු 08.30 සිට පස්වරු 03.00 දක්වා මෙම වාචික අදහස් ලබාගැනීම සිදු කෙරේ. 2002 අංක 35 දරන මහජන උපයෝගීතා කොමිෂන් සභා පනත සහ නව සංශෝධිත 2024 අංක 36 දරන විදුලිබල පනතේ ප්‍රතිපාදනවලට අනුව මෙම ක්‍රියාවලිය සංවිධානය කර ඇත.
මෙම වසරේ දෙවන සහ තෙවන කාර්තු සඳහා අදාළ වන පරිදි නැෂනල් සිස්ටම් ඔපරේටර් (පුද්ගලික) සමාගම විසින් මෙම අති විශේෂ ගාස්තු සංශෝධනය යෝජනා කර තිබේ. විදුලි පාරිභෝගිකයින්ට සහ උනන්දුවක් දක්වන පාර්ශවයන්ට සිය අදහස් හා යෝජනා මෙහිදී ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමි වේ.














