කතානායකවරයා නිදාගැනීම සඳහා එක් නිල නිවසක් පාවිච්චි කරන අතරතුර, රැස්වීම් පැවැත්වීම සඳහා තවත් නිල නිවසක් පරිහරණය කරන බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා අද (05) පාර්ලිමේන්තුවේදී පැවසීය.
කතානායකවරයාගේ මෙම ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ මන්ත්‍රීවරයා, කතානායකවරයාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ මහතාට ලොරිස් පාරේ පිහිටි අමාත්‍යවරුන් සඳහා වෙන්වූ නිල නිවසක් ලබාදී තිබීම පිළිබඳවද ප්‍රශ්න කළේය. “කතානායකවරයෙකුගේ පෞද්ගලික ලේකම්වරයෙකුට ඇමති නිවසක් ලබාදුන් බවක් මම ඉතිහාසයේ කිසිදා අසා නැහැ,” යැයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළේය.
කතානායකවරයා නිල නිවාස දෙකක් නඩත්තු කිරීම සහ පෞද්ගලික ලේකම්වරයාටද එම සංකීර්ණයෙන්ම නිවසක් ලබාගැනීම පවතින නීතිමය තත්ත්වය යටතේ සිදුකළ නොහැකි දෙයක් බව දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














