රුමේනියාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින්ගෙන් රුපියල් ලක්ෂ 213ක මුදලක් වංචා කළ රිකිල්ලගස්කඩ ප්‍රදේශයේ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම වංචාව සම්බන්ධයෙන් කාර්යාංශයට පැමිණිලි 16ක් ලැබී ඇති අතර සැකකරු සහ ඔහුගේ බිරිය විසින් පුද්ගලයින් රවටා මෙම මුදල් ලබාගෙන ඇත. ප්‍රධාන සැකකරු මීට පෙර රුමේනියාවේ රැකියාව කර ඇති අතර, එම අත්දැකීම් උපයෝගී කරගනිමින් ව්‍යාජ රැකියා ගිවිසුම් සකස් කර මෙම ජාවාරම මෙහෙයවා තිබේ.
කඩුගන්නාව ප්‍රදේශයේ කුලී නිවසක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් සැකකරු සහ ඔහුගේ බිරිය මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.














