හසලක, හඳගනාව ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකට ලක්ව තිදරු පියෙකු පසුගිය 5 වැනි දින අලුයම් කාලයේදී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. හඳගනාව, 24 ඇළ ගම්මානයට කඩා වැදුණු වනඅලියා ගෙවත්තේ තිබූ දේපළවලට හානි කරමින් නිවසට ප්‍රහාරයක් එල්ල කර ඇත.
නිවසට එල්ල වූ මෙම ප්‍රහාරය වළක්වා වනඅලියා පන්නා දැමීමේ අරමුණින් අබේරත්න බණ්ඩා නමැති 77 හැවිරිදි ගොවි මහතා රතිඤ්ඤා රැගෙන මිදුලට බැස තිබේ. එහිදී එම ස්ථානයට කඩා පැන්න වනඅලියා විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඔහු එම ස්ථානයේදීම මියගොස් ඇත.
මෙම සිදුවීමට අදාළ මරණ පරීක්ෂණය හසලක උල්පතගම හදිසි මරණ පරීක්ෂකවරයා ඉදිරියේදී සිදුකෙරුණු අතර, මියගිය අයගේ පුත්‍රයා සහ ප්‍රදේශවාසීන් සාක්ෂි ලබා දී තිබේ. මිනිසා සහ වන සතුන් අතර ගැටුම පාලනය කිරීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවය මෙම සිදුවීමෙන් යළිත් වරක් තහවුරු වේ.














