ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ ආරාධනයක් මත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා හෙට (07) සහ අනිද්දා (08) යන දිනයන්හිදී ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතව තිබේ. මෙම සංචාරය දෙරට අතර පවතින සබඳතා නව මඟකට යොමු කිරීමට මහත් පිටුබලයක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම සංචාරය අතරතුර වියට්නාම් ජනාධිපතිවරයා මැයි 8 වැනි දා පාර්ලිමේන්තුව අමතා විශේෂ දේශනයක් පැවැත්වීමට ද නියමිතය. අනතුරුව දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගනිමින් තොරතුරු, සන්නිවේදන, සංස්කෘතික, ආගමික, විද්‍යා හා තාක්ෂණ මෙන්ම පොලිස් පුහුණු යන ක්ෂේත්‍ර රැසක් ආවරණය වන පරිදි වැදගත් අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට නියමිතව ඇත.














