ශ්‍රී ලංකාවේ නාගරික පාසල් දරුවන්ගෙන් සියයට 10ත් 15ත් අතර ප්‍රමාණයක් අධික බරින් හෝ තරබාරු බවින් යුක්ත වන බව විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු අඟවා සිටී. විශේෂයෙන්ම කොළඹ වැනි නා#healtheducationlk ම තත්ත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර, එය රටේ පවතින ද්විත්ව පෝෂණ ගැටලුවක් ලෙස හඳුනාගෙන තිබේ.
අධික බර හා තරබාරුකම හේතුවෙන් දරුවන්ගේ අනාගත සෞඛ්‍ය තත්ත්වයට දැඩි බලපෑමක් එල්ල කරයි. මෙමඟින් දියවැඩියාව, අධික රුධිර පීඩනය, හෘද රෝග මෙන්ම මානසික ගැටලු ද ඇතිවීමේ අවදානමක් පවතින බව විශේෂඥ වෛද්‍ය මහේශක විජයවර්ධන මහතා පෙන්වා දෙයි.
පිරිපහදු කළ ආහාර සහ සීනි සහිත බීම වර්ග භාවිතය ඉහළ යාම, ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම සහ වැඩි කාලයක් තිරගත වූ උපාංග භාවිත කිරීම මෙම තත්ත්වය සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ. එබැවින් දරුවන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා පාසල් ආහාර ප්‍රතිපත්ති ශක්තිමත් කිරීමට සහ පවුල්වල අවධානය යොමු කිරීමට කටයුතු කළ යුතුය.














