අපරාධ රැසකට සම්බන්ධ බවට සැකකෙරෙන ව්‍යාජ වෛද්‍යවරයෙකු ඊයේ (05) රාත්‍රී කාලයේදී පොළොන්නරුව දීප උයන අසලදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි
අත්අඩංගුවට ගත් සැකකරු කුරුණෑගල, පන්නල ප්‍රදේශයේ පදිංචි 59 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු මීට පෙර බොරැල්ල, නුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් වසම්වලදී විවිධ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව ඇති අතර වසර දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටි අයෙකු බව විමර්ශනවලදී හෙළි වී ඇත.
සැකකරු තමන් හිඟුරක්ගොඩ රෝහලේ ප්‍රසූතිකාගාරයේ සේවය කරන වෛද්‍යවරයෙකු ලෙස හඳුන්වා දී තිබේ.
අත්අඩංගුවට ගත් උපකරණ
වෙද නලාවක් (Stethoscope).
වෛද්‍ය නිල ඇඳුමක්.
ව්‍යාජ හැඳුනුම්පතක් සහ තවත් උපකරණ රැසක්.
සැකකරු අද (06) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.














