සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය හරහා අස්වැසුම ප්‍රතිලාභීන් වෙත රුපියල් ලක්ෂ 5,000 කට ආසන්න අතිරේක මුදලක් ගෙවා ඇති බවට තොරතුරු වාර්තා වන බව Free Lawyers සංවිධානය පවසයි. මේ සම්බන්ධයෙන් වහාම පාර්ලිමේන්තුව හරහා විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් එම සංවිධානය කථානායකවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.
නිසි සංවරණ හා තුලන පද්ධතියකින් (Checks and Balances) තොරව රාජ්‍ය මුදල් පරිහරණය කිරීම අපරාධයක් මෙන්ම දූෂණයක් බව එම සංවිධානය අවධාරණය කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මුදල් පිළිබඳ බලය හිමි පාර්ලිමේන්තුව විසින් පහත ප්‍රශ්න සඳහා වහාම පිළිතුරු සෙවිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි:
භාණ්ඩාගාරය විසින් මෙම අතිරේක මුදල් නිකුත් කිරීම පිළිබඳව මූලික විමර්ශනයක් පවත්වා වගකිවයුතු නිලධාරීන් හඳුනාගෙන තිබේද යන්න පිළිබඳවද වහාම තොරතුරු හෙළි කළ යුතු බව එම සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටී.














