ජාත්‍යන්තර වෙළෙඳපොළේ රත්‍රං මිල අමෙරිකානු ඩොලර් 4,648ක් දක්වා ඉහළ යාමත් සමඟ මෙරට රත්‍රං මිලද අද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග අනුව අද උදෑසන වන විට රන් මිල රුපියල් 7,000කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
කැරට් 22 රන් පවුමක මිල රුපියල් 363,400කි.
කැරට් 24 රන් පවුමක මිල රුපියල් 395,000කි.
ඊයේ දිනයේ රුපියල් 388,000ක් ලෙස පැවති කැරට් 24 රන් පවුමක මිල මෙලෙස ඉහළ ගොස් ඇති අතර ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල උච්චාවචනයන් මෙයට ප්‍රධාන වශයෙන් බලපා ඇත.














