රත්නපුර – පැල්මඩුල්ල මාර්ගයේ පාතකඩ හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ දරුණු රිය අනතුරකින් මවක සහ ඇයගේ පුත්‍රයා මියගොස් තිබේ. මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හාලිඇල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි මවක් සහ 28 හැවිරිදි ඇයගේ පුත්‍රයා බව පොලිසිය තහවුරු කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථයේ ගමන් ගත් එහි රියදුරු ද බරපතල තුවාල ලබා ඇති අතර ඔහු මේ වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි. සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ලොරි රථයේ රියදුරු සහ රිය සහයකයා පැල්මඩුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














