කටුනායක, හීනටියන ප්‍රදේශයේදී ටී-56 වර්ගයේ පතරොම් 54ක් සහ මැගසිනයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව තිබේ. කෙහෙල්බද්දර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකරන ලද විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු මිනුවන්ගොඩ, හීනටියන ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම පතරොම් තොගය සහ මැගසිනය, සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “හීනටියන සංක” නමැත්තාගේ පාර්ශවයකට අයත් ඒවා බවයි. සැකකරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතව තිබේ.














