මධ්‍යම, සබරගමුව, ඌව, උතුරුමැද සහ වයඹ පළාත් මෙන්ම වව්නියාව, මන්නාරම සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු ඇතිවීමේ අධි අවදානමක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද (06) පස්වරු 1:00 න් පසුව අදාළ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි සම්භාවිතාවක් පවතී. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.
අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.














