ආනයනික බඩඉරිඟු සඳහා පනවා ඇති විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉහළ නැංවීමට රජය පියවර ගෙන තිබේ. මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද අතිවිශේෂ ගැසට් නිවේදනයකට අනුව, ආනයනික බඩඉරිඟු කිලෝග්‍රෑමයක් සඳහා වන බද්ද රුපියල් 50 දක්වා වැඩි කර ඇත.
මෙම සංශෝධිත බදු අනුපාතය 2026 මැයි 05 වන දින සිට 2026 දෙසැම්බර් 31 වන දින දක්වා බලපැවැත්වෙනු ඇත. 2025 දෙසැම්බර් 31 දින නිකුත් කළ අංක 2469/12 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ පැවති පෙර බදු නියමය ද මෙම නව සංශෝධනයත් සමඟ අහෝසි වේ. මෙම තීරණයට අදාළ ගැසට් නිවේදනය 2026 මැයි 04 වන දින නිකුත් කර තිබේ.














