උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා මේ වන විටත් කමිටුවක් පත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය. අද දින පැවැති පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළේ එම කමිටු නිර්දේශ අනුව සිදු කළ යුතු වෙනස්කම් සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විටත් සකස් කර ඇති බවයි.














