නවගත්තේගම, මහමැද්දාව වැව මංකඩහි දිය නාමින් සිටි 12 හැවිරිදි සිසුවකු අපයෝජනයට ලක් කළ බව කියන සිසුන් දෙදෙනකු නවගත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගෙන ඇත්තේ පලකදවැව ප්‍රදේශයේ පදිංචි 13 හැවිරිදි සිසුවකු සහ මහබැද්දාව ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි සිසුන් දෙදෙනෙකි.
අපයෝජනයට ලක් වූ සිසුවා වැවේ දිය නාමින් සිටියදී එම ස්ථානයෙන් ගමන් කළ සැකකාර සිසුන් දෙදෙනා ඔහු දැක එහි පැමිණ ඇත. එහිදී ඔවුන් එම සිසුවා නිර්වස්ත්‍ර කර, වැවේ තිබූ පාසි සහ නෙළුම් දණ්ඩක් සිසුවාගේ ගුද මාර්ගයට බලහත්කාරයෙන් ඇතුළු කර ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.














