භාණ්ඩාගාර නිලධාරියෙකු වූ රංග මහතාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් මනෝ විද්‍යාත්මක පශ්චාත් මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) පවත්වන ලෙස “දිනන දකුණ” සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී. රංග මහතාගේ පවුලට සාධාරණය ඉටු කිරීම සහ මෙම මරණය පිටුපස ඇති සැබෑ තත්ත්වය අනාවරණය කර ගැනීම සඳහා ස්වාධීන පරීක්ෂණයක් අවශ්‍ය බව එම සංවිධානය අවධාරණය කරයි.
රජයේ වැදගත් ආයතනයක සේවය කළ නිලධාරියෙකු මෙලෙස මියයාම බරපතළ සැකයකට තුඩු දෙන කරුණක් බව පෙන්වා දෙන ඔවුන්, මරණයට පෙර ඔහු සිටි මානසික තත්ත්වය සහ ඔහුට එල්ල වූ යම් බලපෑම් තිබේද යන්න මෙවැනි පරීක්ෂණයක් මඟින් හෙළි කරගත හැකි බව පවසති. මෙම මරණය සම්බන්ධයෙන් පවත්වන පරීක්ෂණ කිසිදු දේශපාලන හෝ පරිපාලන බලපෑමකින් තොරව අපක්ෂපාතීව සිදුවිය යුතු බව “දිනන දකුණ” සංවිධානය වැඩිදුරටත් සඳහන් කර සිටී.














