ඇමෙරිකා එක්සත් ජනපදය ආර්ථික සහ මාධ්‍ය පීඩනය දැඩි ලෙස භාවිත කරමින් ඉරානය තුළ අභ්‍යන්තර බෙදීම් ඇති කිරීමට උත්සාහ කරන බවට ඉරාන පාර්ලිමේන්තු කථානායක මොහොමඩ් බගර් ගලිබාෆ් චෝදනා කරයි. ඉරානය යටත් කර ගැනීමේ අරමුණින් ඇමෙරිකාව මෙම උපක්‍රම ක්‍රියාත්මක කරන බව ඔහු පෙන්වා දෙයි.
කෙසේ වෙතත්, ඇමෙරිකාව ගෙන යන මෙම උපායමාර්ගික වැඩපිළිවෙළ අනිවාර්යයෙන්ම අසාර්ථක වනු ඇති බවත්, ඉරානය එවැනි බලපෑම් හමුවේ පසුබට නොවන බවත් කථානායකවරයා අවධාරණය කර සිටී. මැදපෙරදිග කලාපීය ආතතිය සහ සම්බාධක හමුවේ ඉරාන ඉහළ පෙළේ නිලධාරීන් මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.














