තමිල්නාඩුවේ මහ ඇමති ධුරයට තේරී පත් වූ සී. ජෝසප් විජේ (තලපති විජේ) මහතා වෙත ශ්‍රී ලංකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සිය සුබ පැතුම් එක්කර තිබේ.
අද (06) දින විජේ මහතා වෙත විශේෂ සුබ පැතුම් ලිපියක් යොමු කරමින් ඇය සඳහන් කර ඇත්තේ, මෙවර මැතිවරණයේදී ඔහු අත්කරගත් ජයග්‍රහණය ඉතා කැපී පෙනෙන එකක් බවයි. තමිල්නාඩුව සහ ශ්‍රී ලංකාව අතර පවතින ඓතිහාසික මිත්‍රත්වය සිහිපත් කළ හිටපු ජනාධිපතිනිය, විජේ මහතාගේ නව පාලනය යටතේ දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි තමන් විශ්වාස කරන බවද පවසා සිටියාය.
ජනප්‍රිය නළුවෙකු ලෙස සිට දේශපාලනයට පිවිසි විජේ මහතාගේ ඉදිරි දේශපාලන කටයුතු සාර්ථක කර ගැනීමට අවශ්‍ය ශක්තිය ප්‍රාර්ථනා කරන බවද එම පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් වේ.














