රජය විසින් අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් සේවාව දැඩි ලෙස විවේචනය කරමින් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ මෙය “ගණිකාවක් පෝරුවේ තැබීම වැනි” නිෂ්ඵල ක්‍රියාවක් බවයි. ලංගමයේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙරට මගී ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවට ඔහු චෝදනා කරයි.
මෙම නව බස් රථ ගෙන්වීම හරහා ජනතාවගේ මුදල් රුපියල් බිලියන 7ක් නිරපරාදේ විනාශ කිරීමට ආණ්ඩුව කටයුතු කර ඇති බව හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය. පවතින ප්‍රවාහන පද්ධතිය විධිමත් නොකර මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමෙන් මගීන්ට සෙතක් නොවන බව ඔහුගේ අදහසයි.













