ලොව ප්‍රමුඛතම ගුවන් සේවයක් වන එමිරේට්ස් (Emirates) ආයතනය, මෑතකාලීනව ඇති වූ බාධා කිරීම්වලින් අනතුරුව සිය ගෝලීය ගුවන් ගමන් ජාලයෙන් 96%ක්ම යළි සක්‍රීය කරමින් පූර්ණ මෙහෙයුම් මට්ටමට ළඟා වී ඇති බව නිවේදනය කරයි. ඒ අනුව ගත වූ සති කිහිපය තුළ ඇමරිකාව, යුරෝපය, අප්‍රිකාව, බටහිර ආසියාව, මැදපෙරදිග සහ ඈත පෙරදිග ඇතුළු කලාප රැසක් වෙත සිය ගුවන් සේවා සාර්ථකව ව්‍යාප්ත කිරීමට එම සමාගම සමත්ව තිබේ.
වර්තමානය වන විට එමිරේට්ස් ගුවන් සේවය රටවල් 72ක ගමනාන්ත 137ක් කරා සතියකට ගුවන් වාර 1,300කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක කරයි. මෙය අර්බුදයට පෙර පැවති ධාරිතාවයෙන් 75%ක මට්ටමකි. මෙහෙයුම් කටයුතු සීමා වී තිබූ කාලසීමාව තුළ පවා මිලියන 4.7ක මගී සංඛ්‍යාවක් ප්‍රවාහනය කිරීමට එමිරේට්ස් සමත් වීම හරහා පාරිභෝගිකයන් එම සේවාව කෙරෙහි තබා ඇති විශ්වාසය මනාව පැහැදිලි වේ. ඩුබායි නගරය ලෝකයේ ප්‍රධානතම ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස තවදුරටත් තහවුරු කිරීමට ද මෙම පියවර ඉවහල් වී ඇත.
පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම වෙනුවෙන් එමිරේට්ස් ආයතනය විසින් විශේෂ සහන රැසක් ද හඳුන්වා දී තිබේ. ඒ අතරට ගුවන් ගමන් දින නොමිලේ වෙනස් කිරීමේ හැකියාව (Flexible bookings), පැය 6 සිට 26 දක්වා ඩුබායි හි රැඳී සිටීමට සිදුවන මගීන් සඳහා “Dubai Connect” වැඩසටහන යටතේ නොමිලේ හෝටල් නවාතැන්, ආහාර සහ ප්‍රවාහන පහසුකම් ලබා දීම ඇතුළත් වේ. මීට අමතරව Skywards සාමාජිකයන් සඳහා ලකුණු රැස් කිරීමේ විශේෂ අවස්ථා ද හිමි වේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ ඩුබායි අතර දිනකට ගුවන් වාර තුනක් ක්‍රියාත්මක කරමින් මෙරට සංචාරකයන්ට විශ්වසනීය ගුවන් සේවාවක් ලබා දීමට එමිරේට්ස් කටයුතු කර ඇත.














