ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා සහ වියට්නාම නියෝජ්‍ය අග්‍රාමාත්‍ය මෙන්ම ජාතික ආරක්ෂක අමාත්‍ය ජෙනරල් Phan Van Giang මහතා ඇතුළු දූත පිරිස අතර විශේෂ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡාවක් ඊයේ (08) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙහිදී දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වියට්නාමය ලබාදෙන අඛණ්ඩ සහයෝගය පිළිබඳව ආරක්ෂක ලේකම්වරයා සිය කෘතඥතාව පළ කළ අතර, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශ සමඟ සමීපව කටයුතු කිරීමට වියට්නාමයේ ඇති කැපවීම නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. සුරක්ෂිත සහ සහයෝගී අනාගතයක් වෙනුවෙන් ඒකාබද්ධව කටයුතු කරන බවට දෙපාර්ශ්වයම මෙහිදී යළි සහතික විය.
මෙම අවස්ථාවට වියට්නාමයේ ඉහළ පෙළේ හමුදා නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.














