කිරින්ද පොලිස් වසමේ ගුරුගොඩැල්ල ප්‍රදේශයේ මුහුදු තීරයේ තිබී නාඳුනන කාන්තා මළ සිරුරක් ඊයේ (08) සොයාගෙන තිබේ. ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරක් මත කිරින්ද පොලිසිය මේ පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය තැනැත්තියගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඇයගේ පෙනුම සම්බන්ධයෙන් පොලිසිය පහත තොරතුරු අනාවරණය කර තිබේ:
වයස: අවුරුදු 40ක් පමණ.
උස: අඩි 05 අඟල් 02ක් පමණ.
ඇඳුම: දුඹුරු පැහැති බ්ලවුසයක් සහ එම පැහැයෙන්ම යුත් සායක් හැඳ සිට ඇත.
මෘත ශරීරය දැනට තිස්සමහාරාම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිරින්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි. මෙම තැනැත්තිය පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පොලිසිය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටියි.














