මිනුවන්ගොඩ පොලිස් වසමේ අලුතපොළ මාර්ගයේ කටුවැල්ගුම් ප්රදේශයේදී ඊයේ (08) දහවල් සිදුවූ දරුණු රිය අනතුරකින් 27 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අලුතපොළ දෙස සිට මීගමුව දෙසට ධාවනය වූ ලොරියක්, ප්රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකරු සහ එහි ගමන් කළ කුඩා දරුවෙකු බරපතළ තුවාල ලබා මීගමුව රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී යතුරුපැදිකරු මියගොස් තිබේ. අනතුරින් බරපතළ තුවාල ලැබූ කුඩා දරුවා වැඩිදුර ප්රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත. මියගිය තරුණයා දුනගහ ප්රදේශයේ පදිංචිකරුවෙකි. ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














