කිරිබත්ගොඩ පොලිස් වසමට අයත් කැලණිය ප්‍රදේශයේදී ඊයේ (08) උදෑසන සිදුකළ වැටලීමකදී නීතිවිරෝධී මත්පැන් ලීටර් 78.75ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය සමත්ව තිබේ. පොලිස් භාරයට ගත් මෙම මත්පැන් තොගය බෝතල් 105කට සමාන වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකි. වලාන දූෂණ මර්ධන ඒකකය මගින් අත්අඩංගුවට ගත් සැකකරු සහ මත්පැන් තොගය වැඩිදුර විමර්ශන සඳහා කිරිබත්ගොඩ පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.















