විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බෝධියවත්තේ අවිශ්ක” නමැත්තාගේ මෙහෙයවීමෙන් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව සිටි ප්‍රධාන පෙළේ ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සමත්ව තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබී රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගයක් පොලිසිය විසින් සොයාගෙන ඇත. දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂ්ම ලෙස මෙම මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති අතර, අදාළ සැකකරුගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීම් හරහා මෙම ජාවාරමට සම්බන්ධ සෙසු පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ මාර්ග පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට ආරක්ෂක අංශ බලාපොරොත්තු වේ.














