මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද පෙරවරුවේ කුලියාපිටිය පොලිසිය හමුවේ පෙනී සිටියේය. වැඩ තහනමට ලක්ව සිටියදී මියගිය අදාළ නිලධාරියාගේ මරණය පිළිබඳව උදය ගම්මන්පිල මහතා පසුගියදා මාධ්‍ය හමුවකදී සිදුකළ ආන්දෝලනාත්මක අනාවරණය සැලකිල්ලට ගනිමින් පොලිසිය මෙම කැඳවීම සිදුකර තිබේ. මේ අතර මියගිය සහකාර අධ්‍යක්ෂවරයාගේ බිරිඳ විසින් ද සිය සැමියාගේ මරණය සහ ඒ සම්බන්ධයෙන් පළවන විවිධ වාර්තා පදනම් කරගනිමින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව අද පෙරවරු 10 ට පමණ කුලියාපිටිය පොලිසිය වෙත පැමිණි හිටපු මන්ත්‍රීවරයාගෙන් මෙම සිද්ධියට අදාළව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතව තිබේ.













