ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් මෙරට ප්‍රථම කාන්තා උප ප්‍රජනන වෛද්‍ය ඒකකය කරාපිටිය ජර්මන් ශ්‍රී ලංකා මිත්‍රත්ව කාන්තා රෝහලේදී ඊයේ නිල වශයෙන් විවෘත කෙරුණි. මෙම නව වෛද්‍ය ඒකකය මඟින් දකුණු පළාතේ මෙන්ම ඒ අවට ප්‍රදේශවල වෙසෙන දරුවන් අපේක්ෂාවෙන් සිටින මව්වරුන් වෙනුවෙන් නවීන වෛද්‍ය පහසුකම් සපයනු ලබන අතර මෙවැනි විශේෂිත ඒකකයක් මෙරට රෝහල් පද්ධතිය තුළ ස්ථාපිත වූ පළමු අවස්ථාව මෙය බව එහි ප්‍රධානී වෛද්‍ය දීපානි ජාසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.
උප ප්‍රජනන ඒකකයට අමතරව පිළිකා රෝගී කාන්තාවන් වෙනුවෙන් විශේෂිත වූ නාරිවේද ඔන්කොලොජි ශල්‍ය ඒකකයක් ද මෙදින විවෘත කරන ලදී. මෙතෙක් දිනකට සිදුකළ හැකිව තිබූ උපරිම ශල්‍යකර්ම සංඛ්‍යාව 15ක් වූ අතර මෙම නව ඒකකය විවෘත වීමත් සමඟ එම ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට හැකිවන බව වෛද්‍ය කැලුම් ජයසිංහ මහතා පෙන්වා දුන්නේය. දකුණ, සබරගමුව සහ ඌව යන පළාත් තුනෙන්ම දිනකට රෝගීන් සියයකට අධික පිරිසක් ප්‍රතිකාර පතා මෙම රෝහල වෙත පැමිණෙන බව ද මෙහිදී අනාවරණය විය.
දරුවන් නොමැතිව පීඩා විඳින පවුල්වලට මෙන්ම විවිධ නාරිවේද රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන කාන්තාවන්ට මෙම නව වෛද්‍ය ඒකක හරහා ඉතා ඉහළ මට්ටමේ වෛද්‍ය සේවාවක් ලබා ගැනීමට අවස්ථාව උදා වේ. රෝහල් අධ්‍යක්ෂ කේ.එල්.එම්. සෝමරත්න මහතා විසින් පළමු රෝගියා ඇතුළත් කර ගනිමින් මෙම සේවාවන් ආරම්භ කළ අතර මෙය සමස්ත ලාංකීය කාන්තා පරපුරේ සෞඛ්‍ය ප්‍රවර්ධනය වෙනුවෙන් ලැබුණු මහඟු දායාදයක් ලෙස සැලකිය හැකිය.













