එයාර් බස් ගනුදෙනුව පිළිබඳව මුල්වරට අනාවරණය කළ මාධ්‍යවේදියා නිදහස් චතුරශ්‍රයේදී වෙඩි තබාගෙන මියගිය බවට පැවසෙන සිදුවීම සහ එවක පැවති පාලනයේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් කරමින් චමීර පෙරේරා මහතා අදහස් පළ කර තිබේ.
රාජපක්ෂවරුන්ගේ පාලන සමයේ සිදු වූ බව කියන අපරාධ පිළිබඳව කරුණු හෙළිදරව් කළ පුද්ගලයින් ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල වූ බවත්, එම යුගය සහාසික අපරාධ පිරි යුගයක් වූ බවත් ඔහු පෙන්වා දෙයි. “රාජපක්ෂලාගේ අපරාධ ගැන හෙළි කරාම ඒ අයට වෙඩි තිබ්බා. එවැනි සහාසික අපරාධකාරයෝ මේ රාජපක්ෂ නරුමයෝ,” යනුවෙන් ඔහු සඳහන් කළේය. මාධ්‍ය නිදහස යටපත් කරමින් සිදු වූ මෙවැනි ක්‍රියාවන් හමුවේ වත්මන් දේශපාලන අධිකාරිය වගකිව යුතු බව චමීර පෙරේරා මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.














