අඹතලේ සිට කඩුවෙල දක්වා ජලය රැගෙන යන ප්‍රධාන සැපයුම් නළයක සිදුවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද (10) පස්වරු 1.00 දක්වා කඩුවෙල, කොතලාවල, වැලිවිට, හේවාගම, කොරතොට, බෝමිරිය, නවගමුව, රණාල සහ කහන්තොට යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
නළ පද්ධතියේ අලුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර ජල සැපයුම යථා තත්ත්වයට පත් කිරීමට පියවර ගන්නා බව එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.














