අනිවාර්ය SLS ප්‍රමිති සහතිකය නොමැතිව, ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි (Steel Bars) නිෂ්පාදනය කර බෙදාහැරීමේ නිරත වූ හෝමාගම කර්මාන්තපුරයේ පිහිටි කර්මාන්තශාලාවක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) විසින් මුද්‍රා තබා තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු රහස්‍ය තොරතුරකට අනුව පසුගිය 09 වැනිදා මෙම හදිසි වැටලීම සිදු කර ඇත.
වසර තුනක පමණ කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති මෙම කර්මාන්තශාලාව තුළ ප්‍රධාන වශයෙන් මිලිමීටර් 6 (6mm) ප්‍රමාණයේ ප්‍රමිතියෙන් තොර යකඩ කම්බි නිෂ්පාදනය කර වෙළෙඳපොළට නිකුත් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සහ සුරක්ෂිතතාව පිළිබඳ දැඩි අවදානමක් මෙවැනි නිෂ්පාදන හරහා මතුවන බැවින්, අදාළ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය කටයුතු කරමින් සිටියි. ඉදිරියේදී මෙවැනි වැටලීම් දිවයින පුරා දැඩිව ක්‍රියාත්මක කරන බව ද එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළේය.














