ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පැවැත්වීමට නියමිත තීරණාත්මක හමුව සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව ධවල මන්දිරය නිවේදනය කරයි. ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් ලබන 13 වැනිදා සිට 15 වැනිදා දක්වා චීනයේ බෙයිජීං අගනුවර නිල සංචාරයක නිරත වීමට නියමිතය. වසර ගණනාවක් තිස්සේ දෙරට අතර ඔඩුදුවමින් පවතින තීරුබදු අර්බුදය සහ ඒ ආශ්‍රිතව නිර්මාණය වී ඇති වෙළෙඳ යුද්ධය අවසන් කිරීම මෙම මුහුණට මුහුණ කෙරෙන සාකච්ඡාවේ ප්‍රධාන අරමුණ වී තිබේ. දෙරට විසින් එකිනෙකාට පනවා ඇති දැඩි තීරුබදු හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම පිළිබඳව මෙහිදී නායකයන් දෙපළගේ වැඩි අවධානයක් යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














