රුසියානු – යුක්රේන යුද්ධය අවසන් වීමට ඉතා ආසන්න බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කර තිබේ. යුද්ධය නිමා කිරීමේ අරමුණින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කිරීමට තමන් සූදානම් බව පුටින් පවසා ඇත. රුසියානු ජනාධිපතිවරයා, යුක්රේන ජනාධිපතිවරයා හමුවීමට මෙලෙස සෘජු කැමැත්තක් පළ කළ පළමු අවස්ථාව මෙය වන අතර, මෙම ප්‍රකාශය ලෝක දේශපාලන කරළිය තුළ දැඩි අවධානයකට ලක්ව තිබේ. වසර ගණනාවක් පුරා පැතිරුණු මෙම දරුණු යුද ගැටුම් සාමකාමීව විසඳා ගැනීමට දෙරටේ නායකයන් අතර සිදුවන මෙම හමුව තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි විදෙස් විචාරකයෝ විශ්වාසය පළ කරති.















