ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 84%ක් මරණින් පසුව සිය ඇස් දන් දීම සඳහා කැමැත්ත පළ කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ජාතික අක්ෂි බැංකුව ආරම්භ කර ගත වූ වසර 15ක කාලය තුළ එම බැංකුව වෙත ලැබී ඇති අක්ෂි කුණිත 17,000ක් අතුරින් කුණිත 12,000ක් මෙරට දෘෂ්‍යාබාධිත රෝගීන් වෙනුවෙන් බද්ධ කිරීමට පියවර ගෙන තිබේ.
මෙරට ජාතික අක්ෂි බැංකුව ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් සහිත ආයතනයක් වන අතර, විදෙස් රටවලින් ලැබුණු ඉල්ලීම් මත අක්ෂි කුණිත 4,000ත් 5,000ත් අතර ප්‍රමාණයක් වෙනත් රටවලට ද ප්‍රදානය කර ඇත. විශේෂයෙන්ම සිංගප්පූරුව සහ දකුණු අප්‍රිකාව ඇතුළු ආසියානු සහ අප්‍රිකානු රටවලින් මෙරට අක්ෂි කුණිත සඳහා විශේෂ ඉල්ලුමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි. මානුෂීය ගුණයෙන් ඉහළ ශ්‍රී ලාංකිකයන්ගේ මෙම දායකත්වය ලෝකය පුරා ඇස් පෙනීම අහිමි වූවන්ගේ ජීවිත ආලෝකවත් කිරීමට මහත් පිටිවහලක් වී තිබේ.














