වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු බන්ධනාගාර ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග තහවුරු කරයි. මෙලෙස මියගොස් ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා ඝාතනය කිරීමේ නඩුවට අදාළව වැරදිකරුවෙකු වී බන්ධනාගාරගතව සිටි පුද්ගලයෙකි.
අදාළ රැඳවියා ගොඩනැගිල්ලෙන් ඇද වැටීමෙන් පසු බරපතළ තුවාල ලබා සිටියදී වහාම රෝහල් ගත කිරීමට බන්ධනාගාර නිලධාරීන් පියවර ගෙන තිබුණද, රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව වාර්තා වේ.
මෙය මනුෂ්‍ය ඝාතනයක්, අනතුරක් හෝ සියදිවි නසාගැනීමක් ද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර බලධාරීන් සහ පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත. ඉහළ පෙළේ දේශපාලන ඝාතන නඩුවක වැරදිකරුවෙකු මෙලෙස මියයාම හේතුවෙන් බන්ධනාගාර පරිශ්‍රයේ ආරක්ෂාව සහ විමර්ශන කටයුතු දැඩි කර තිබේ.














