ඉන්දියාවේ ෂිම්ලාහිදී පැවැති South Asian Youth Table Tennis Championship 2026 තරගාවලියේදී රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනාගත් ශ්‍රී ලංකා යොවුන් මේස පන්දු කණ්ඩායම අද (11) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවිය.
අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැති මෙම හමුවේදී අමාත්‍යවරයා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අගය කළ අතර ඉදිරි තරග සඳහා සිය සුබපැතුම් ද එක් කළේය. මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා පහත පරිදි වේ.
වයස අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම (නායක අකායින්, හරීන්, මතිල, දනුක්), 19න් පහළ බාලිකා කණ්ඩායම (නායිකා තමඩි, ශමල්ෂා, ලෙසන්‍යා, සදිත්ති) සහ 15න් පහළ බාලක කණ්ඩායම (නායක සානොන්, යෙනුල්, කේනුර, ඔනෙල්) රිදී පදක්කම් දිනා ගැනීමට සමත් විය.
15න් පහළ බාලිකා කණ්ඩායම (නායිකා චනුකි, මුතුලි, හෙසන්‍යා, සිත්මා) ලෝකඩ පදක්කම දිනාගත් අතර, ඒකල අංශයෙන් සානොන් දුල්ජිත්, චනුකි අක්ෂානා, මුතුලි සහන්‍යා, අකායින් බෝජිත් සහ ශමල්ෂා දෙව්මි ලෝකඩ පදක්කම් දිනාගත්හ. මීට අමතරව පිරිමි, කාන්තා සහ මිශ්‍ර යුගල ඉසව්වලින් තවත් ලෝකඩ පදක්කම් 5ක් ශ්‍රී ලංකාවට හිමිවිය.
චතුර දුෂාන් සහ ඩබ්ලිව්.ඒ. බුද්ධසිරි යන මහත්වරුන් කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කළ අතර, කළමනාකාරීත්වය සඳහා ජී.එම්.සී. කුමාරසිරි ද සිල්වා සහ සුරේකා මංචනායක යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.














