2026 වසරේ මැයි 08 වන විට ශ්‍රී ලංකා රුපියල, එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව 3.6%ක අවප්‍රමාණය වීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අද (11) දින නිල විනිමය අනුපාතිකවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 318.03ක් සහ විකුණුම් මිල රු. 325.64ක් ලෙස සටහන් විය. අද දින ඩොලරයේ මධ්‍ය අගය රු. 321.87ක් ලෙස වාර්තා වන අතර, මෙය 2024 ජනවාරි 16 වන දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම රුපියල් අගය ලෙස ඉතිහාසයට එක්වේ.














