20 වන සියවසේ බ්‍රිතාන්‍යයේ සිටි විශිෂ්ටතම කලාකරුවෙකු වන හෙන්රි මුවර්ගේ (Henry Moore) දැවැන්තම එළිමහන් මූර්ති ප්‍රදර්ශනය ලන්ඩනයේ ප්‍රකට කිව් ගාඩන්ස් (Kew Gardens) උද්‍යානයේදී ආරම්භ කර තිබේ. “Monumental Nature” ලෙස නම් කර ඇති මෙම සුවිශේෂී ප්‍රදර්ශනය සඳහා මූර්ති 30ක් ඇතුළත් කර ඇති අතර, එය 2027 ජනවාරි 31 දක්වා මහජනතාව සඳහා විවෘතව පවතී.
මෙහි ඇති මූර්ති හතරක් සසෙක්ස් හි පිහිටි වේක්හර්ස්ට් (Wakehurst) උද්‍යානයේ 2027 මැයි දක්වා ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇත. ලෝකඩ භාවිතයෙන් නිමවූ අර්ධ-වියුක්ත (Semi-abstract) මූර්ති සඳහා ලෝක ප්‍රසිද්ධියක් උසුලන හෙන්රි මුවර්ගේ නිර්මාණ සඳහා ඉහළ වෙළෙඳපොළ වටිනාකමක් හිමි වේ. ඔහුගේ “King and Queen” නම් කලා නිර්මාණය පසුගිය මාර්තු මාසයේදී පවුම් මිලියන 26ක් වැනි අතිවිශාල මුදලකට අලෙවි වී තිබීම විශේෂත්වයකි.














