ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් සඳහා සූදානම් වෙමින් පවතින අතර, එහිදී තායිවානයට ඇමරිකානු අවි අලෙවි කිරීමේ අනාගතය පිළිබඳව තීරණාත්මක ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.
තමා ජනාධිපති ෂී සමඟ මේ පිළිබඳව සාකච්ඡා කරන බවත්, ඇමරිකාව විසින් තායිවානයට අවි ලබාදීම නතර කරනවාට චීන ජනාධිපතිවරයා කැමැත්තෙන් පසුවන බවත් ට්‍රම්ප් පවසා ඇත. “ඔහු සහ මා අතර හොඳ සබඳතාවක් තිබෙනවා. ඔහු බිලියන 1.4ක ජනතාවක් ඉතා දැඩි ලෙස පාලනය කරන නායකයෙක්. ඔහු තම රටට දැඩි ලෙස ආදරය කරන බව මට කිව හැකියි” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. දෙරට අතර පවතින භූ-දේශපාලනික ආතතීන් මධ්‍යයේ මෙම හමුව ලෝක දේශපාලනයේ දැඩි අවධානයට ලක්ව ඇත.














