ඉන්දියානු නාවික හමුදාව සහ එරට ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) එක්ව ඔඩිෂා වෙරළට ඔබ්බෙන් වූ බෙංගාල බොක්ක ප්‍රදේශයේදී සාර්ථක කෙටිදුර නෞකා නාශක මිසයිල (NASM-SR) අත්හදා බැලීමක් සිදුකර තිබේ. හෙලිකොප්ටර් යානයක සිට දියත් කරන ලද මෙම මිසයිල අත්හදා බැලීම ඉන්දියාවේ සාගර ආරක්ෂක හැකියාවන්හි සැලකිය යුතු ඉදිරි පියවරක් ලෙස ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
මෙම නව මිසයිලය කිලෝමීටර 1,500කට වඩා වැඩි ප්‍රහාරක පරාසයකින් සමන්විත වන අතර, එමඟින් ඉන්දියාවේ මෙහෙයුම් බලය ගැඹුරු සාගර කලාප දක්වා ව්‍යාප්ත කිරීමට හැකියාව ලැබෙනු ඇත. කලාපීය ආරක්ෂාව සහ ඉන්දියානු සාගරයේ ස්වෛරීභාවය තහවුරු කිරීමේ අරමුණින් ඉන්දියාව සිය නාවික ආරක්ෂක පද්ධති මෙලෙස නවීකරණය කරමින් සිටී.















